සුබ දවසක් හැමෝටම
මම හිතුවා අපේ USLA එකේ උපාලි මහත්මයාගේ ඉල්ලීම, පරිදි ජීවිත රක්ෂණය ගැන පොඩි කරුණු කිහිපයක්, ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණය ගැන අපි අහලා තියෙනවා ට වැඩිය පොඩි කාරණා කීපයක්, මගේ තියෙන පළපුරුද්දත් එක්ක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තොත් හොඳයි කියලා.
පළවෙනියෙන්ම මම සඳහන් කරන්න කැමැතියි ජීවිත රක්ෂණය ගන්න ප්‍රධාන හේතුව
අපේ ණය මොනව හරි තියනවනම්, mortgage එකක් තියෙනවා නං, අපිට මොකක් හරි උනොත් ඒ කියන්නේ අපි නැතිඋනොත් ඕක ගෙවාගන්න බැරි හින්දා අපේ පවුල අසරණ තත්වෙට පත්වෙන්න පුළුවන් කියන කාරණය. ඒ හින්ද ජීවිත රක්ෂණයෙන් වෙන ප්‍රධානම දේ තමයි අපි හිතනවට වැඩිය කලින් අපිට මේ ලෝකෙන් යන්න වුණොත් ඒ සල්ලි ටික අපේ භාර්යාවට හෝ ළමයින්ට එහෙම නැත්නම් ස්වාමිපුරුෂයාට ලැබෙන නිසා එතකොට අපිට ඒ ණය බේරගෙන අපිට අපේම කියලා නිවසක ඉතුරු කාලේ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලැබෙන එක.
ඇත්තටම අපේ ජීවිත රක්ෂණයෙන් අපිටම වැඩක් නැති වෙන්න පුළුවන්, මොකද ඒ වෙනකොට අපි මේ ලෝකෙන් වෙන්වෙලා හින්දා. නමුත් අපේ පවුලේ උදවියට ඒකෙන් වෙන වටිනාකම, ලැබෙන සහනය කියල නිම කරන්න බෑ.
අවාසනාවට ශ්‍රී ලංකාවේ වගේ නෙමේ මෙහෙ ජීවිත රක්ෂණයක් ගත්තට අපිට යම්කිසි දවසක ඒකෙ මුදල් වත් වෙන මුදල් වත් අපිට හම්බවෙන්නෙ නෑ. නමුත් අපි ඇත්තටම ජීවිත රක්ෂණයක් කියලා මෙතනදි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ප්‍රමාණයක මානසික නිදහසක්. ඒ මොකද කිව්වොත් අපි දන්නවා අපිට මොනව හරි වුනොත් අපේ පවුල ආරක්ෂා වෙලා තියෙනවා කියලා.
අපි දැනගත යුතු දෙවැනි කාරණාව
අපිට මේ ජීවිත රක්ෂණය ලැබෙන්නේ හේතු දෙකකදී විතරමයි කියන එක, පලවෙනි හේතුව, අපි මේ ලෝකෙන් යන්නම ඕනැ. දෙවෙනි හේතුව, අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා අපි terminally ill වෙන්ඩ ඕනේ කියලා. Terminally Ill කියන එකයි Critically Ill කියන එකයි දෙකක්ත critical illness එකක් කියන්නෙ Cancer, Heart Attack, Stroke වගේ ලෙඩ වලට. හැබැයි ඒ කැන්සර් ඒක හින්දා අපි තව මාස 12, මාස විසි හතරයි ජීවත් වෙන්නේ කියලා ඩොක්ටර්ස්ලා දෙන්නෙක් කියනකොට එතකොට අපි ඒකට කියනවා අපි terminally ill කියලා. එතකොටත් අපිට පුලුවන් අපේ ජීවිත රක්ෂණ ලබාගන්න.
ඊළඟට අපිට එන ලොකුම ප්‍රශ්නෙ තමයි අපි ජීවිත රක්ෂණය කියලා කොච්චර ප්‍රමාණයක ආවරණයක් ගන්නවද කියන එක
සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියනවා Mortgage එකේ ප්‍රමාණයට ගත්තොත් ඇති කියලා. නමුත් එතන තියෙන අඩුපාඩු මොනවද කියන එකයි Mortgage එක ගන්න මුල්‍ය ආයතනයෙන්ම අපි ජීවිත රක්ෂණයත් ගන්ඩ ඕනෙද කියන වගේ කාරණා ආදිය හැමදේම මට මෙතන ලියන්න අමාරුයි හැබැයි පෞද්ගලිකව හමුවුණාම හෝ දුරකථන ඇමතුමක් දුන්නොත් හොඳට තේරුම් කරල දෙන්න පුළුවන්.
තව එක ගොඩක් වැදගත් කාරණාවක් මතක තියාගන්ඩ
ඒ තමා ඔයගොල්ලන්ගේ ජීවිත රක්ෂණය අයිතිකාරයා කවුද කියන එක සමහර වෙලාවට මම දැකලා තියනවා, මුල්‍ය ආයතනවලින් රක්ෂණාවරණයක් ගන්නකොට රක්ෂණයේ අයිතිකරු හැටියට ගන්න එක්කෙනාගෙම නම දාලා තියෙනවා, එතකොට ඕගොල්ලෝ මැරුණොත් ඕගොල්ලන්ම එන්න වෙනවා රක්ෂණ ආයතනයට වන්දි ලබා ගන්න, කරන්න පුලුවන් දෙයක්ද? ඊට වැඩියෙ ඇත්තටම ලේසි නැද්ද ඔයගොල්ලන්ගේ නම වෙනුවට ඔබගේ භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ නම එතැනට දැම්මනම්? එතකොට ඒ අයට කරදරයක් නැතුව සල්ලි ලබා ගන්න පුලුවන්. මේ දේ කරන්නේ නොසැලකිල්ල නිසා ද, කම්මැලිකම නිසාද ,නැත්නම් වෙනම මොනයම් හේතුවක්ද තියෙන එක අපි වෙන වෙලාවක කතා කරමුකො.
ඔයගොල්ලන්ට මොනව හරි ගැටලුවක් තියෙනවනම්
ඔය පහළ තියෙන නොම්බරයට කෝල් එකක් දෙන්න. මම තේරෙන සරළ සිංහලෙන්ම පැහැදිලි කරල දෙන්නම්.
