by G.S. Perera ……………

යාකොන් නම් නව සොයා ගැනීම ඔබගේ නිරෝගීකම රැක ගැනීම සඳහා කොතරම් ඉවහල් වේද? එය ඔබගේ ගෙවත්තෙහි කෙසේ වවා ගන්නේ ද?

යාකොන් වගා කරන්නේ  එම පැලේ මුල් වලින්. බතල අල මෙන් මූලයන්ගෙන් පොළොවට බසිනා මෙම අපූරු ආහාරය පලතුරක් ලෙසින්ද එළවළුවක් ලෙසින්ද ඔබගේ සලාදයට සැරසිල්ලක් ලෙසින් ද ප්‍රයෝජනයට ගන්නට පුළුවන්.  

ප්‍රාථමිකව දකුණු ඇමරිකාවේ මධ්‍යම සහ උතුරු අන්දිස් ප්‍රදේශය නිජභූමිය කොටගත් මෙම පැළෑටිය, කොලොම්බියා, ආජන්ටිනා ප්‍රදේශයන්හි ද බෙහෙවින් ප්‍රචලිත වූවක්. මෙම ශාකය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් 2018 දී ආහාර සංග්‍රහයක පළමුව පළ වුණා. එය පෝෂයදායි සීනි, ජලය සහ කෙඳිවලින් පොහොසත් බවත් සඳහන් වෙනවා. යාකොන් පැළෑටියේ පත්‍ර පවා ඖෂධීය ගුණයෙන් යුක්ත වෙනවා. වැඩිපුර කාබෝහයිඩ්‍රේට් අඩංගු නොවන නිසා දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් සදහා වඩා සුරක්ෂිත ආහාරයක් ලෙසද හඳුන්වනු ලබනවා. 

යාකොන් අලවල ප්‍රයෝජන සහ ගුණය

 විශාල වශයෙන් විද්‍යාත්මක පර්යේෂණයන් ගෙන් මෙම විශ්මිත අල වර්ගය මිනිස් සිරුරේ ක්‍රියාකාරකම් වලට ඉතාමත් ඵලදායී වන බව සොයාගෙන තිබෙනවා.

 

  • එදිනෙදා ජීවිතයේදී ශරීරගත රුධිරයේ සීනි ප්‍රමාණය නිදන්ගත දියවැඩියා රෝගීන්ගේ රෝගී තත්ත්වය මනා ලෙස පාලනය කරයි. අනවශ්‍ය සීනි ශරීරගත වීම වළක්වයි. අක්මාවේ ග්ලුකෝස් සංයුතිය මැනවින් පාලනය කරයි.

  • LDL  නමින් හඳුන්වන ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ මනා හැකියාවක් යාකොන් පාවිච්චි කිරීමෙන් සිදු වෙයි. 

  • රුධිර පීඩනය යථා තත්වයෙන් පවත්වා ගැනීම සහ හෘදයේ සාමාන්‍ය ක්‍රියාකාරී බව මනාව පවත්වා ගැනීමත් යාකොන් ආහාරයට ගැනීමෙන් සිදු වේ. නහරවැල් අතර ඔක්සිජන්  ගමනාගමනය පහසු කරවීමෙන් හෘදයාබාධ සහ ශරීර අංග අප්‍රාණික වීම (Stroke) මගහැර වීමට හැකියාවක්ද මෙම අපූරු ආහාරය ආහාරය සතුවෙයි.

  • ආහාර දිරවීම මනාව පාලනය කරයි. එදිනෙදා ශරීරකෘතය පහසු කරයි. ජීරණ පද්ධතිය මනාව හසුරුවයි. 

  • ශරීරයේ කැලරි ප්‍රමාණය දවා ලන මෙම එළවලු වර්ගය ශරීරයේ බර අඩු කිරීමට ද ඉවහල් වෙයි.

  • යාකොන්වල විශේෂත්වය නම් අර්තාපල් බතල වැනි ආහාරයට ගන්නා අනිකුත් අල වර්ග වල ඇති පිෂ්ටධාතු අඩංගු නොවීමයි

  • අක්මාවේ මේදය තැන්පත් වීම මකා ලයි.

  • පිලිකා වැලැක්වීමට හැකියාව ද මේ ආහාරය සතු විශේෂ ගුණයකි. Colon පිළිකා, සමේ පිළිකා සහ ලේ පිළිකා වැළැක්වීමේ ගුණයන්ද යාකොන් සතුය.

  • සීනි වලට ආදේශකයක් ලෙසින් තේ කෝපි ආදියෙහි ඇති ස්වභාවික පැණි රස ගෙන ඒමේ හැකියාව ද යකුන් සතුය. 

  • දෙපාවල fungus රෝගයන් සඳහා anti-fungal ප්‍ර්‍රතිකාරයක් ලෙසද ක්‍රියාකරයි.

මෙම ආහාරය පාවිච්චි කිරීමට පෙර,  ඔබ යම් ආහාරයක් සඳහා allergic යැයි සිතන්නේ නම් ඔබේ  වෛද්‍යවරයාගෙන් ද විමසන්න. වෙළඳපොලේ යාකොන්වලින් නිපදවෙන භාණ්ඩ රාශියක් ඇත. කෙසේ හෝ කුමන දෙයක් වුවද අලුතෙන් වෙළඳපලට ආ විට පාවිච්චියට පෙර විමසිලිමත් වීම ඔබ සතුය. මුල්වරට පාවිච්චියට ගන්නේ නම් ටිකෙන් ටික හගැනීම  සුදුසුය. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිනි.

(අන්තර්ජාලය ඇසුරෙනි)

ජී.එස්. පෙරේරා

සටහන: මෙම පැළෑටිය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් මා අමතන්න. නොමිලේ පැළෑටියක් ලබාදිය හැකිය.

දුරකථන අංකය 09-5765599